Tuesday, December 24, 2024
Follow Us
දික්වැල්ලගේ තහනම ලිහිල් කෙරේ

නිරෝෂන් දික්වැල්ලට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ආකෘතීන්හි ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නැවත අවසර ලබා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන්‍ කරයි.

 ඒ, දික්වැල්ලගේ වසර 3ක තරග තහනම මාස 3 දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන ඒජන්සිය (SLADA) ගත් තීරණයත් සමඟයි.

2024 අගෝස්තු 13 වන දින SLADA(Sri Lanka Anti-Doping Agency) විසින් වසර 3ක තහනම පනවනු ලැබුවේ, ඔහු සම්බන්ධයෙන් සිදු කරන ලද අහඹු තහනම් උත්තේජක නාශක පරීක්ෂණයකින් පසුවයි.

ඒ අනුව නිරෝෂන් දික්වැල්ල හට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන සියලුම තරඟ සඳහා සහභාගී වීම අවස්ථාව හිමිවනු ඇත.