Sunday, October 20, 2024
Follow Us
ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේසම් වන්න - ශ්‍රී ලංකා  සර්ට් ආයතනයෙන් දැනුම්දීමක්

විවිධ බැංකු, වාණිජ  ආයතන, අන්තර් ජාතික ආයතන    නාමයන්  භාවිත කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, රැකිරක්ෂා  ලබාදීමට, ලියපදින්චිවන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රී ලංකා  සර්ට් (Sri Lanka CERT)  ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අනුකාරක ( Fake web ) වෙබ් අඩවි ,සමාජ මාධ්‍ය (Social Media )වේදිකාවන්, SMS, WhatsApp,   හරහා  එවනු  ලබන  පණිවුඩ මගින් මෙම සයිබර් ජාවාරම්කරුවන් ඔබ හා  සම්බන්ධ වීමට  උත්සහ දරනු ඇත.  ඔවුන් විසින් ලබාදෙන links  වෙත පිවිසීමෙන් ඊට සම්බන්ඛධ වන පුද්ගලයන්ගේ පරිගණක, ජංගම දුරකථනවල ඇති  දත්ත සොර ගැනීමෙන් විවිධ අපචාර සදහා  මෙන්ම මුදල් වංචා ද  සිදුකරනු ලබයි.

මෙවැනි අපරාධ මෑත කාලයේ වැඩිවෙමින් පවතින අතර එම අපරාධවලට ගොදුරුවන්නන්ගේ   ප්‍රමාණය ද වැඩිවෙමින් පවතින බව ශ්‍රී ලංකා  සර්ට් ආයතනය පවසයි. 

තවද  විවිධ ජාතික හා   ආගමික උත්සව මුල් කරගනිමින් මෙම වංචාකරුවන් කටයුතු කරනු දක්නට ලැබේ .ශ්‍රී ලංකා   සර්ට් ආයතනය ඇතුළු විවිධ සංවිධාන මෙම සයිබර් වංචාවන් පිළිබඳ පුළුල් දැනුවත් කිරීමේ ප්‍රචාරණයක් දියත් කොට ඇත. නොදැනුවත් භාවය හා නොසලකා  හැරීම නිසා  මෙම අපරාධවලට ගොදුරු වන්නන්ගේ පැමිණිලි දිනපතා  වැඩිවෙමින් පවතී.  

සැකසහිත  අන්තර්ජාල හා සමාජ මාධ්‍ය පණිවුඩ  ලැබුන හොත් ඒවාට පිවිසීමට පෙර අදාළ ආයතනවල නිල වෙබ් අඩවිවලට පිවිසීමෙන් හෝ  නිල දුරකථන අංක ඔස්සේ  හෝ කරුණු විමසා සහතික කරගන්නා ලෙස ශ්‍රී  ලංකා සර්ට් ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එසේ සහතික කරගත නොහැකි පණිවුඩ විවෘත කිරීමෙන් වළකින ලෙස හෝ  නොසලකා හරින ලෙස ශ්‍රීලංකා  සර්ට් ආයතනය තවදුරටත් මහජනතාව ගෙන් ඉල්ලා සිටියි.