Sunday, October 20, 2024
Follow Us
"Smart Youth Exhibition 2024" සාර්ථකව අවසන්
ශ්රී ලාංකේය තාරුණ්යයේ විශිෂ්ටතම පරිවර්තනය "Smart Youth Exhibition 2024" වැඩසටහන ගාල්ල සමනල ක්රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.
"උරුමය" වැඩසටහනට සමගාමීව ගාල්ල දිස්ත්රික්කයේ ජනතාවට ඔප්පු බෙදා දීමේ අවස්ථාව ද, ක්රීඩා සමාජ සඳහා ක්රීඩා භාණ්ඩ ලබාදීමේ වැඩසටහන ද මෙහි දී කැපී පෙනිණ.
එමෙන්​ම ත්රිවිධ හමුදාවේ සහ ශ්රී ලංකා පොලීසියේ ආකර්ශනීය අශ්වාරෝහක සංදර්ශන, යතුරුපැදි සංදර්ශණ ඇතුළු විචිත්රාංග රැසකින් ආරම්භ වූ මෙම වැඩසටහන හරහා තාරුණ්ය බල ගන්වමින් නවීන ලෝකයට ගැලපෙන වෘත්ති​ය පුහුණු පාඨමාලා, අධ්යාපන සහ රැකී රක්ෂා අවස්ථා, ව්යවසායකත්ව දැනුම සහ ව්යාපාර ණය පහසුකම්, Smart Agriculture, පෞරුෂය වර්ධනය සහ නායකත්ව පුහුණුව ඇතුළු බොහෝ අංගයන් මෙන්​ම මත්ද්රව්ය නිවාරණය සහ මත්ද්රව්ය වලට ඇබ්බැහි වූ තරුණයන් පුනුරුත්ථාපනය සම්බන්ධ වැඩසටහන්, සෞන්දර්ය සහ කලා කෞශල්ය වර්ධනය වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහන්, සංචාරක, ඉඩම්, ක්රීඩා සහ යෞවන කටයුතු අමාත්යාංශයේ විශේෂ පහසුකම් සලසා දීමේ සේවා කුටි මෙන්ම තවත් වැඩසටහන් රැසක් පැවැත්විණ.
Smart ශ්රී ලංකාවක් වෙනුවෙන් පුරෝගාමීන් ලෙස තාරුණ්ය පෙළ ගැස්වීමේ ආරම්භක අදියර ආදරණීය තරු පිරිවරාගත් අති දැවැන්ත සංගීත රාත්රියකින් අවසන් විය.
ඊට ලක්ෂ සංඛ්යාත ජනකායක් සහභාගී විය.
ගාල්ල සමනල ක්රීඩාංගනය, ඉදිරිපස ප්රධාන මාර්ගය මෙන්ම, ගාලු කොටු පවුරද පිරී යන තරම් ජනතා ප්රතිචාරයක් ඊට ලැබී තිබේ.