Sunday, October 20, 2024
Follow Us
දන්ත වෛද්‍ය උපාධිධාරීන් 85 දෙනෙකුට සීමාවාසික දන්ත පුහුණු පත්වීම්
දන්ත වෛද්ය උපාධිධාරීන් 85 දෙනෙකුට සීමාවාසික දන්ත පුහුණු පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (18) සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් පවුල් සෞඛ්ය කාර්යංශ ශ්රවණාගාරයේ දී සිදු කෙරිණි .
මෙම වෛද්ය උපාධිධාරීන් මෙරට හා විදේශීය විශ්වවිද්යාලයවල වෛද්ය පීඨයන්හි උපාධි අධ්යාපනය හැදෑරුවන් වන අතර දිවයින පුරා පිහිටි රජයේ ප්රධාන රෝහල්වල විශේෂඥ වෛද්යවරුන්, පළපුරුදු ජ්යෙෂ්ඨ වෛද්යවරුන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ වසරක කාලයක පුහුණුවක් ලැබීමට නියමිතය.
සීමාවාසික පුහුණුව සාර්ථකව නිමකරන නිලධාරීන් දන්ත වෛද්යවරුන් ලෙස වෛද්ය සභාවේ ලියාපදිංචිය ලබා ගත යුතු අතර, මෙම පුහුණුලාභීන් සඳහා මාසිකව රුපියල් 66,725/= ක සීමාවාසික පුහුණු දීමනාවක් සෞඛ්ය අමාත්යංශය මගින් ලබා දෙනු ඇත.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ මෙරට නිදහස් සෞඛ්ය සේවාව විධිමත්ව, කාර්යක්ෂමව, ගුණාත්මකව ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා අවශ්ය සෞඛ්ය කාර්ය මණ්ඩල බඳවා ගැනීමට සෞඛ්ය අමාත්යාංශය නිරතුරුව කටයුතු කරන බවයි.
පසුගිය කොවිඩ් හා ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්ය සේවාවේ බඳවා ගැනීම් යම් තරම්ක් දුරට ප්රමාද වූවත් වර්තමානය වන විට එම තත්ත්වය සාමාන්යකරණය වී ඇති බවද අමාත්යවරයා මෙහිදී පැවසීය.
මෙරට ජනතාවට කාර්යක්ෂම, ගුණාත්මක සේවාවක් ලබා දීමට අවශ්ය කාර්ය මණ්ඩල බදවා ගැනීම සිදුකරන අතරම රෝහල් නිරීක්ෂණය කරමින් ඒවායේ පවතින මානව හා භෞතික සම්පත්වල අඩුපාඩු හඳුනාගනිමින් ඒවා විසදීමේ විශේෂ වැඩපිළිවෙළක් ද තම අදහසකට අනූව සෞඛ්ය අමාත්යාංශය ක්රියාත්මක කර ඇති බව ද අමාත්යවරයා මෙහිදී සඳහන් කළේය.
මේ වන විට දිවයින පුරා රජයේ රෝහල්වල දන්ත විශේෂඥ වෛද්යවරුන් 86ක් ද, දන්ත ශල්ය වෛද්යවරුන් 1337 ක් ද සුව සේවාවව සඳහා දායකත්වය දක්වනු ලබයි.