Sunday, October 20, 2024
Follow Us
ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහා සංඝ සම්මේලනය මෙවර නාගදීපයේ දී
ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහා සංඝ සම්මේලනය සහ ලෝක බෞද්ධ පෙරමුණෙහි 5 වන වාර්ෂික සම්මේලනය යාපනය නාගදීප විහාරස්ථානය කේන්ද්රව ජුනි 22 ආරම්භ වේ.
දින දෙකක් පුරා පැවැත්වෙන මෙම සම්මේලනය සඳහා රටවල් 24ක් නියෝජනය කරමින් දූතයින් 350ක් සහභාගී වීමට නියමිතය.
පිළිබඳ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවක් අද (17) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණ.
 
මෙහි දී අදහස් දැක් වූ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහලේකම් පූජ්ය මුගුණුවෙල අනුරුද්ධ නායක හිමියන් පැවසුවේ බුදුදහමට එල්ල වන අභියෝග හා එයට මුහුණ දෙන ආකාරය සහ නිවැරැදි බුදු දහම අවබෝධ කර ගැනීම, පැතිරවීම සම්මේලනයේ අරමුණ බවයි.
 
මෙවර සම්මේලනය යාපනය කේන්ද්ර කර ගැනීම සුවිශේෂි වන අතර සියලුම ජාතීන් අතර සාමකාමී සුහදත්වයක් ලෝකයට ප්රදර්ශනය කිරීමට මෙය මහගු අවස්ථාවක් බව යාපනය දිස්ත්රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ යාපනය දිස්ත්රික් සභාපති, යාපනය නාගදීප විහාරාධිපකාරී පූජ්ය දියමයිලගස්වැව අරියකිත්ති තිස්ස නායක හිමියෝ මෙහි දී පෙන්වා දුන්හ.