Sunday, October 20, 2024
Follow Us
ජාත්‍යන්තර වෙඩිතැබීමේ තරඟාවලියේ ශූරයෝ කටුනායකට

15 වන ජාත්‍යන්තර ලෝක වෙඩි තැබීමේ ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික වෙඩි තැබීමේ ශූරයින් රන් පදක්කම් 06 ක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 06 ක් දිනා ගෙන අද (16) සහ  ඊයේ (15 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය දකුණු අප්‍රිකාවේ බ්ලූෆොන්ටේන් නගරයේ ඉකුත් 03 දින සිට 13 දක්වා ලෝකයේ රටවල් 12 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 කගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සැරයන් පුෂ්පකුමාර ඔහු සහභාගී වූ ඉසව්වෙන් ලබා ගත හැකි ලකුණු 40 න් 40 ම ලබා ගනිමින් ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කම ද දිනා ගැනීමට සමත් වී තිබුණි .

මීට අමතරව පුෂ්පකුමාර මෙම තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් ද දිනා ගෙන  තිබුණි . එසේම කපිතාන් හසංග රන් පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් ද දිනා ගැනීමට සමත් වී තිබුණි .

මීට අමතරව මෙම තරගාවලිය වයස අවුරුදු 20 ට අඩු  ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ සංචිතය නියෝජනය කරමින් සහභාගී වූ රයල් ලියනගේ රන් පදක්කම් 03  ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබූ අතර සෙනිත් රත්නායක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 දිනා ගෙන 15 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා රයිෆල් සංගමයේ නිලධාරීන් , ශ්‍රී ලංකා නාවික හමුදා සහ යුධ හමුදා උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

Lankadeepa