Sunday, October 20, 2024
Follow Us
ස්විස්ටර්ලන්තයේ තිබු මෙරට ආදිවාසීන්ගේ අස්ථි සහ සංස්කෘතික භාණ්ඩ නැවත ශ්‍රී ලංකාවට

ස්විස්ටර්ලන්තයේ බැසිල්ස් කෞතුකාගාරයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වන ලද මෙරට ආදිවාසී මානව අස්ථි හා සංස්කෘතික භාණ්ඩ මාධ්‍ය වෙත නිරාවරණය කිරීම ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ ලෝටස් ලොන්ජ් ශාලා පරිශ්‍රයේදී ඊයේ  (12) පැවැත්විණි.

මෙරට අයිතිය අපට වඩා ආදිවාසී පරපුරට අයත් බවත්, ඒ අනුව එම අස්ථි සහ සංස්කෘතික කෞතුක භාණ්ඩ නැවත මෙරටට ලබා ගැනීමට හැකිවීම සතුටට කරුණක් බවත් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මාධ්‍ය සාකච්ඡාවේ දී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ පුරාවිද්‍යා වටිනාකමින් යුතු කෞතුක භාණ්ඩ විශාල ප්‍රමාණයක් පසුගිය වසරේ දී ද නෙදර්ලන්ත රාජ්‍යයෙන් මෙරටට ගෙන්වා ගත් බවත්, එහි දෙවන පියවරක් ලෙස ස්විස්ටර්ලන්තයේ බැසිල්ස් කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ මෙරට ආදිවාසීන්ගේ මානව අස්ථි කොටස් සහ සංස්කෘතික කෞතුක භාණ්ඩ ගෙන්වා ගැනීම සිදුකළ බව ද අමාත්‍යවරයා එහිදී පැවසිය.