Sunday, October 20, 2024
Follow Us
ඓතිහාසික වෙස්සගිරිය පුරාවිද්‍යා භූමිය උරුම උද්‍යානයක් බවට පත්කිරිමට සැලසුම්

අනුරාධපුර වෙස්සගිරිය පුරාවිද්‍යා ස්ථානය “ උරුම උද්‍යානයක් “ බවට පත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.මෙහිදී වෙස්සගිරිය තුළ දී  පර්යේෂණ කටයුතු සඳහා පර්යේෂකයන්ට අවස්ථාව ලබා දීම, නරඹන්නන්ගේ මානසික සුවතාව ඇති කිරීම, විවේක ස්ථාන පිහිටුවීම ආදී කාර්යයන් රැසක් සිදු කීරීම සඳහා සැලසුම් කර ඇත.

වෙස්සගිරිය උරුම උද්‍යානයක් බවට පත් කිරීමේ මූලික අදියර යටතේ එහි අක්කර 26කින් යුත් සමස්ත ස්මාරක භූමිය ප්‍රදර්ශන මට්ටමට සකස් කිරීමේ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි.

වෙස්සගිරිය උරුම උද්‍යානයක් බවට පත්කිරීමේ සමාරම්භක උත්සවය බුද්ධශෘසන ආගමික හා සස්කෘතික කටයුතු අමාත්‍ය  විදුර වික්‍රමනායක මහතාගේ හා අමාත්‍යංශ ලේකම් එච්.එම්.පී. බී.හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් වෙස්සගිරිය භූමියේ දී මේ මස 14 වැනිදා පෙරවරුවේ දී පැවැත්වීමට  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.