Sunday, October 20, 2024
Follow Us
ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධාන කරනු ලබන "Smart youth" ප්‍රදර්ශනය ජුනි 14-15

ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ දැවැන්ත පරිවර්තනයක් උදෙසා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධාන කරනු ලබන "Smart youth" ප්‍රදර්ශන මාලාවේ ආරම්භක ප්‍රදර්ශනය එළැඹෙන 14-15 දෙදින ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත පරිශ්‍රය පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා (08) එක් විය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තාරුණ්‍යය බල ගන්වන සුවිශේෂී ප්‍රදර්ශනයක් වන මෙය මෙරට තාරුණ්‍යයට සුවිශේෂී අත්දැකීමක් එකතු කරනු ඇති බවයි .