Sunday, October 20, 2024
Follow Us
පොසොන් සමයට අතිරේක බස් සේවාවක්

මහව සිට අනුරාධපුරය දක්වා වන දුම්රිය මාර්ගයේ සිදුවන අලුත් වැඩියාව හේතුවෙන් මෙවර පොසොන් සමයේ වැඩි අතරේක බස් සේවවාක් යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසීය.

ඒ අනුව දිවයිනේ ප්‍රධාන නගර වල සිට ඓතිහාසික මිහින්තලය, තන්තිරිමලය සහ අනුරාධපුර පූජා නගරයන් සඳහා පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා අදාළ බස්රථ සේවාව ක්‍රියාත්මක බවත් සභාපතිවරයා පැවසීය.

එහිදී උතුරුමැද” වයඹ සහ මධ්‍යම පලාත් වල සිට බස්රථ 400කට වැඩි ප්‍රමාණයක් යෙදවීමට අපේක්ෂා කරන බවත් ඔහු කීවේය.

මෙයට අමතරව ගම්පහ, කොළඹ ඇතුලු ප්‍රධාන නගරවල සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බවත් සභාපතිවරයා පැවසීය.

සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව මෙම බස්රථ යොදවන බවත් අවශ්‍යතාවය මත තවදුරටත් බසරථ යොදවන ලෙස ඩිපෝ කළමණාකරුවන්ට උපදෙස් දී ඇතැයිද ඔහු කීවේය.

 

-Lankadeepa