Sunday, October 20, 2024
Follow Us
ත්‍රිවිධ හමුදා හමුදා පුහුණු විෂය මාලාවට තවත් විෂයක් ඇතුළත් කිරීමට සැලසුම්
ත්රිවිධ හමුදා හමුදා පුහුණු විෂය මාලාවට ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය තැනැත්තන් වෙළඳාම පිළිබඳව ඇතුළත් කිරීමට සැලසුම් කර තිබෙන බව ආරක්ෂක ලේකම් සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න පැවසීය.

කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී ත්රිවිධ හමුදා ජ්යෙෂ්ඨ නිලධාරීන් සඳහා පවත්වන ලද මිනිස් ජාවාරම් පිටුදැකීම පිළිබඳ පුහුණු සැසියේ ආරම්භක දේශනය පවත්වමින් පසුගියදා (07) ඔහු මේ බව සඳහන්  කළේය.

 
‘මිනිස් ජාවාරම්කරුවන්ගේ ජාලයන් ලුහුබැඳීම සහ විනාශ කිරීම සඳහා හමුදා බුද්ධි අංශ සහ අනෙකුත් ආයතන අතර අන්තර් සහයෝගීතාව අතිශයින් වැදගත් වේ. අඛණ්ඩ සුපරීක්ෂාකාරිත්වය සහ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම මෙම ජාවාරම්කරුවන්ට එරෙහිව අප සිදු කරන සටනේ සාර්ථකත්වයට විශාල අයුරින් බලපානු ලබයි ’ යනුවෙන් ජෙනරල් ගුණරත්න වැඩිදුරටත් පැවසීය.
 
2021-2025 කාලසීමාව සඳහා ශ්රී ලංකාවේ තැනැත්තන් වෙළඳාම නිරීක්ෂණය කිරීම සහ ඒවාට එරෙහිව සටන් කිරීම සඳහා වන ජාතික උපායමාර්ගික ක්රියාකාරී සැලැස්මේ අනිවාර්ය අංගයක් ලෙස මෙම පුහුණු සැසිය පවත්වන ලදි.
 
මෙම නොනවතින ප්රශ්නයට එරෙහිව ඵලදායි ලෙස සටන් කිරීම සඳහා තීරණාත්මක සාධකයක් වන තැනැත්තන් වෙළඳාම සහ ඊට අදාල ක්රියාකාරකම් වලට ආමන්ත්රණය කරන දණ්ඩ නීති සංග්රහයේ අදාළ වගන්ති සහ ජාත්යන්තර නීති රාමු පිලිබඳ අවබෝධ කර ගැනීමට මෙම සැසිය තුලින් සහභාගීවූවන්ට ඵලදායි වේදිකාවක් සැපයීය.
 
මේ සඳහා ප්රධාන සම්පත්දායක නිලධාරීන් වශයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ හරිප්රියා ජයසුන්දර මහත්මිය සහ ජ්යෙෂ්ඨ නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විසින් මිනිස් ජාවාරම පිළිබඳ පැහැදිලි සහ සවිස්තරාත්මක අවබෝධයක් ලබා දෙමින් දේශන පවත්වනු ලැබීය. තවද පුහුණු සැසිය හා සම්බන්ධවුවන්ගේ ප්රශ්න හා ගැටළු නිරාකරණය කරමින් අපරාධ ඵලදායි ලෙස මර්දනය කිරීමට අවශ්ය දැනුම ද ලබා දෙන ලදි.
 
මෙම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්රධානී ජෙනරල් ශවේන්ද්ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ජාතික බුද්ධි ප්රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග, තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ නිලධාරීන් සහ ත්රිවිධ හමුදාවේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.