Sunday, October 20, 2024
Follow Us
දීඝවාපිය සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන  චූඩාමාණික්‍යය හා සර්වඥ ධාතුන් වහන්සේලා රැගත් පෙරහැර මහනුවරට

දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩාමාණික්‍යය රැගත් පෙරහැර බැතිමතුන් හට වැඳපුදා ගැනීම සඳහා මේ වන විට කටුගස්තොට ශ්‍රී බෝධිමළු විහාරය වෙත වැඩම කර ඇත.

ඉන් අනතුරුව ජුනි 04 සිට 06 දින දක්වා පිළිමතලාව ගඩොලාදෙණිය ශ්‍රී ධම්මාතිලක රජමහා විහාරස්ථානයේදීත්, 06 සිට 08 දින දක්වා ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේදීත්, ජුනි 08 සිට 10 දින දක්වා දිගන රජවාළුකාරාමයේදීත් මෙම වන්දනීය පුජණිය වස්තූන් ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

මෙම ප්‍රදර්ශනය අතරතුර, උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩාමාණික්‍ය සියැසින් දැක වන්දනාමාන කරගනිමින් කුසල් උපදවා ගැනීමටත්, දීඝවාපිය මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දායක වීමටත් පින් කැමති ප්‍රදේශවාසී සැමට මින් අවස්ථාව සැලසෙනු ඇත.