Sunday, October 20, 2024
Follow Us
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර පුද්ගලයින් 10937 දෙනෙක් පීඩාවට

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (02) රාත්‍රී 7.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 2731 ක පුද්ගලයින් 10937 දෙනෙකු පීඩාවට පත්වී මරණ 03 ක්, පුද්ගල අතුරුදහන්වීම් 02 ක් වාර්තා හා නිවාස අර්ධ හානි 150 ක් වාර්තා වන බව මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා පවසයි. 

මීට අමතරව සුරක්ෂිත මධ්‍යස්ථාන 05 ක පවුල් 21 ක පුද්ගලයින් 123 දෙනෙකු සිටින බව දිසාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

තද වැසි සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 454 ක පුද්ගලයින් 1689 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 04 ක් වාර්තා වේ. සුරක්ෂිත මධ්‍යස්ථාන 02 ක පවුල් 10 පුද්ගලයින් 40 දෙනෙක් සිටිති.

තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 48 ක පුද්ගලයින් 175 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 30 ක් වාර්තා වේ.

මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 19 ක පුද්ගලයින් 64 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 04 ක් වාර්තා වේ.

දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් පවුල් 21 ක පුද්ගලයින් 93 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 04 ක් වාර්තා වේ.

කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 29 ක පුද්ගලයින් 124 දෙනෙක් පීඩාවට පත්ව පුද්ගලයින් 02 දෙනෙක් අතුරුදහන්ව ඇති අතර නිවාස අර්ධ හානි 09 ක් වාර්තා වේ.

අතුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 1572 ක පුද්ගලයින් 6377 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 56 ක් වාර්තා වේ. සුරක්ෂිත මධ්‍යස්ථාන 03 ක පවුල් 21 ක පුද්ගලයින් 83 දෙනෙක් සිටිති.

කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 60 ක පුද්ගලයින් 236 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 03 ක් වාර්තා වේ.

පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 44 ක පුද්ගලයින් 119 දෙනෙක් පීඩාවට පත්ව ඇත.

හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 23 ක පුද්ගලයින් 92 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 23 ක් වාර්තා වේ.

මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 07 ක පුද්ගලයින් 35 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 06 ක් වාර්තා වේ.

පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 350 ක පුද්ගලයින් 150 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 05 ක් වාර්තා වේ.

මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 35 ක පුද්ගලයින් 158 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 17 ක පුද්ගලයින් 69 දෙනෙක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.

දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 47 ක පුද්ගලයින් 188 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 01 ක් වාර්තා වේ.

වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 05 ක පුද්ගලයින් 18 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර නිවාස අර්ධ හානි 05 ක් වාර්තා වේ.