Monday, October 21, 2024
Follow Us
අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ පවුල් 534 කට පීඩා
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (25) දිනය වන විට නුවරඑළිය දිස්ත්රික්කයේ පවුල් 534 ක පුද්ගලයන් 2029 ක් පීඩාවට පත්වි තිබෙන බව වාර්තා වෙයි.
 
සිදුවී ඇති අනතුරුවලින් එක් පුද්ගලයකු මිය ගොස් හත් දෙනෙකුත් තුවාල ලබා ඇති අතර නිවාස 5 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත.
අර්ධ වශයෙන් විනාශ වූ නිවාස සංඛ්යාව 514 ක්
විපතට පත්වූවන් සඳහා ආරක්ෂක මධ්යස්ථාන 6 ක් ක්රියාත්මක වන අතර පවුල් 26 කට අයත් පුද්ගලයන් 108 ඒවායේ රැඳී සිටි.
විපතට පත්වූවන්ට කඩිනමින් අවශ්ය සහන ලබා දෙන ලෙස නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබොඩ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.