Monday, October 21, 2024
Follow Us
කාලිංග කුමාරගෙන් ලංකාවට රන් පදක්කමක්

11වන කිනාමි මිශිටාකා අනුස්මරණ මලල ක්‍රීඩා උළෙල මේ දිනවලදී ජපානයේදී පැවැත්වෙයි. 

එහිදී ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ, පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව නියොජනය කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

කාලිංගට තරගය අවසන් කිරීමට ගත වුයේ තත්පර 45.92ක කාලයකි.

මේ අතර කාන්තා මීටර 400 ඉසව්වට සහභාගී වු නදීෂා රාමනායක එහි සිව්වැනි ස්ථානය දිනා ගත්තාය.

ඇයට එම ඉසව්ව නිම කිරීමට ගත වු කාලය තත්පර 54.02කි.

මේ අතර කාන්තා මීටර 800 ධාවන ඉසව්වට සහභාගීවීමට සිටි තරුෂි කරුණාරත්න අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය එම තරගයට සහභාගී නොවීය.

Aruna