Monday, October 21, 2024
Follow Us
මිනිස් ජාවාරමට සම්බන්ධ තොරතුරු ලබාගැනීමේ ඒකකයට ඇමතුම් 77ක්

රුසියා - යුක්‍රේන යුද්ධය සඳහා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා ආරම්භ කළ විශේෂ ඒකකයට දුරකථන ඇමතුම් 77ක් ලැබී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

 

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ විශේෂ ඒකකය ආරම්භ කළ අතර පැය 36ක පමණ කාලයක් ඇතුළත මෙලෙස දුරකථන ඇමතුම් ලැබී තිබීම විශේෂත්වයක් බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

ආරක්‍ෂක අමාත්‍යාංශය පවසන්නේ මේ වන විට රුසියා - යුක්‍රේන යුද්ධය සඳහා පිටත්ව ගොස් ඇති මෙරට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, ඔවුන් පිටත්ව ගිය දිනයන්, සම්බන්ධීකරණය කළ පුද්ගලයින්, ආයතන සහ දුරකථන අංක ඇතුළු තොරතුරු එම අංශය වෙත ලබාදිය හැකි බවය.

දුරකථන අංක 011- 2 44 11 46 වෙත තවදුරටත් තොරතුරු ලබාදිය හැකි අතර මේ දක්වාත් තොරතුරු ලබානොදුන් පුද්ගලයන් සිටී නම් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ද ආරක්‍ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.

 

Aruna