Monday, October 21, 2024
Follow Us
ආබාධිත රණවිරුවන්ට කෘත්‍රිම අත් පා ප්‍රදානය කෙරේ

රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත කෘත්‍රිම පාද බෙදාදීමේ උත්සවය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (07) රාගම රණවිරු සෙවණේ දී පැවැත්විණ.

 

ආරක්‍ෂක අමාත්‍යාංශය සහ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අතර සහයෝගීතාවයෙන් ආබාධිත රණවිරුවන් වෙත කෘත්‍රිම පාද 650ක් බෙදාදීමේ උත්සවය රාජ්‍ය අමාත්‍යවරයා විසින් සංකේතාත්මකව රණවිරුවන් කිහිපදෙනෙකු වෙත කෘත්‍රීම පාද ලබාදීමෙන් ආරම්භ විය.

ශ්‍රී ලංකා යුද ප්‍රවීණයන්ට දක්වන ලද සහයෝගය මෙන්ම නොසැලෙන කැපවීම වෙනුවෙන් ඉන්දීය රජය වෙත හා ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මැතිතුමා වෙත අමාත්‍ය තෙන්නකෝන් මහතා විසින් සිය ස්තුතිය පළ කරන ලදී.

මෙම අවස්ථාවට යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, යුද හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ, ඉන්දීය ආරක්‍ෂක උපදේශක කපිතාන් එම්. ආනන්ද් යන මහත්වරු හා මෙම කෘතීම පාද හා උපාංග ලබාදීමට අනුග්‍රාහකත්වය ලබාදෙන ජායිපුර් මහාවීර් විකලාංග ආයතනයේ නියෝජිතයෝ පිරිසක් ද සහභාගි වූහ.