මෙවර සිංහල අලුත් අවුරුද්දේ අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය,ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය නැකැත් චාරිත්‍ර හෙටට (13) යෙදී ඇත.
ඒ අනුව පහත සඳහන් වේලාවන්වල එම චාරිත්‍ර ඉටු කිරීමේ වේලාවන් යෙදී ඇති බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් 13 සෙනසුරාදා අපරභාග 09.05ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි.
පුණ්‍ය කාලය
අප්‍රේල් 13 සෙනසුරාදා අපරභාග 2.41 සිට 14 ඉරිදා අළුයම 3.29 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 සෙනසුරාදා අපරභාග 2.41ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් 13 සෙනසුරාදා අපරභාග 9.05 සිට 14 ඉරිදා අළුයම 3.29 දක්වා ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා අහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.
ආහාර පිසීම
අප්‍රේල් 13 සෙනසුරාදා රාත්‍රී 11.06ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා තල උක්හකුරු මිශ්‍ර කිරි බතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් 13 සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12.06ට හෙවත් අප්‍රේල් 14 ඉරිදාට එළිවන පාන්දර 00.06ට නීල වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.