Monday, October 21, 2024
Follow Us
 ලංගමය ලාභ ලබන ආයතනයක් බවට පත් වෙලා - ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා 

ලංකා ගමනා ගමන මණ්ඩලය පසුගිය කාල පරිච්ඡේදය පුරාවට විශාල වශයෙන් පාඩු ලැබූවද ලංගමය ගොඩනැගීම සඳහා තමා සහ කාර්ය මණ්ඩලය ගන්නා ලද මහත් පරිශ්‍රමයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට ලංගමය ලාභ ලබන තත්ත්වයට පත්ව ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම වසරේ ලංගමය තවත් පුළුල් අයුරින් සේවය ලබාදීමට කටයුතු කරන බවයි. 

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අවුරුදු සමයේ ප්‍රවාහන සැලැස්ම පිළිබඳ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට එක්වෙමිනි. 

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“ලංගමය ගොඩනැගීම වෙනුවෙන් අප අමාත්‍යාංශය පසුගිය වසරේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ නව බස් රථ 500ක් මිලදී ගත්තා. ඊට අමතරව ධාවන තත්ත්වයෙන් ඉවත කර තිබූ බස් රථ 400ක් නැවත අලුත්වැඩියා කිරීමෙන් පසු ධාවනයට එක්කළා. තවත් සුඛෝපභෝගී බස් රථ 50ක් එකතු කළා. ඒ අනුව පසුගිය වසරේදී ලංගමයට බස් රථ 950ක් එක්කිරීමට අපට හැකිවුනා.”