ශ්‍රී ලාංකික වැඩිහිටියන් දෙදෙනෙකු සහ ළමුන් සිව් දෙනෙකු ඝාතනය කළ කැනඩාවේ ඔටාවා නිවසේ ‘සමූල ඝාතනයේ’ වැඩිවිස්තර මේ වනවිට කැනඩාවේ මාධ්‍ය මගින් අනාවරණය කර තිබේ.
මවක් සහ ඇයගේ දරුවන් සිව් දෙනෙකු මෙන්ම එම නිවසේ ජීවත් වූ 40 හැවිරිදි පුද්ගලයෙකු සිද්ධියෙන් මිය ගොස් ඇති බව සදහන් ය.
මෙම සිද්ධියෙන් මියගිය පිරිස වන්නේ,
මව – දර්ශනී බණ්ඩාරනායක – වයස අවුරුදු 35යි
ඉනූක වික්‍රමසිංහ – වයස අවුරුදු 07යි
අශ්විනී වික්‍රමසිංහ – වයස අවුරුදු 04යි
රින්යානා වික්‍රමසිංහ – වයස අවුරුදු 02යි
කෙලී වික්‍රමසිංහ – මාස 02යි
ඝාතනය වූ අනෙක් පුද්ගලයා වන්නේ ගාමිණී අමරකෝන් නම් 40 හැවිරිදි අයෙකි.
මෙම සිද්ධියෙන් දරුවන්ගේ පියා බරපතළ තුවාල ලබා ඇති අතර ඔහු ධනුෂ්ක වික්‍රමසිංහ නම් අයෙකි.
අදාළ ඝාතන සිදු කර ඇත්තේ මෙම නිවසේම පදිංචිව සිටි බව කියන 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති කැනඩාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික තරුණයකු බව පැවසේ.
ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. තියුණු ආයුදයකින් මෙම සමූල ඝාතනය කර තිබෙන බවට වාර්තා වන තොරතුරු අනුව වාර්තා වේ.
මෙලෙස ඝාතන සිදුකරන්නට හේතුව තවම පැහැදිලි නැත.