ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) 37 වන ආසියා පැසිෆික් සමුළුවට සමගාමීව පැවැත්වෙන “Agri tech-24 කෘෂි තාක්ෂණ දැක්ම” ප්‍රදර්ශනය අද (02) හම්බන්තොට බටඅත පිහිටි කෘෂි තාක්ෂණික උද්‍යානයේදී ආරම්භ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ , ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ,
හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) 37 වන ආසියා පැසිෆික් සමුළුවට සමගාමීව පැවැත්වෙන “Agri tech-24 කෘෂි තාක්ෂණ දැක්ම” ප්‍රදර්ශනය අද (02) දින හම්බන්තොට බටඅත පිහිටි කෘෂි තාක්ෂණික උද්‍යානයේදී ආරම්භ කෙරෙනවා. එය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මාර්තු මස 02,03,04,05 යන දිනවල පැවැත්වෙනවා.
මේ වනවිට කෘෂිකර්මාන්තය තුළ භාවිත වන නව කෘෂි තාක්ෂණික ක්‍රමවේද මෙහි ප්‍රදර්ශනය කිරීමට නියමිතය. නව කෘෂි තාක්ෂණය ගොවි ජනතාවට හඳුන්වා දීමේ අරමුණෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය තුළ රාජ්‍ය ආයතන විසින් ප්‍රදර්ශන කුටි 65ක් පමණ ප්‍රදර්ශනය කෙරෙන අතර, සුළු පරිමාණ ව්‍යවසායකයන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවිසැල් 26ක් සහපුද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි 35කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශන කටයුතුවල නිරත වෙයි.