Tuesday, October 22, 2024
Follow Us
ලංගම බස් මගීන්ට අසාධාරණයක් නම් පැමිණිලි කිරීමට අංකයක්

ලංගම බසයකදී මගියෙකුට හෝ යම් අයෙකුට අසාධාරණයක් වනවා නම් දින 365ම දවසේ ඕනෑම වෙලාවක 1958 දුරකතන අංකයට අමතන ලෙස කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවෙිදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දක්වමිනි.

තමා ඒ පිළිබඳව දැනුම්දීමක්ද සිදුකරන බව පැවසූ අමාත්‍යවරයා එවැනි විනය විරෝධී කටයුතු සිදුකරන පුද්ගලයන්ට විනයානුකූලව දඬුවම් පමුණුවන බවද අවධාරණය කළේය. සාමාන්‍ය පිළිගැනීම මෙන්ම තමා අසා ඇති දෙය නම් ලංගම රියදුරන් අනෙකුත් රියදුරන්ට සාපේක්ෂව වඩා විනයගරුක, වඩා සුහදශීලී සහ වඩා ආරක්ෂාකාරී පුද්ගලයින් යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.