Tuesday, October 22, 2024
Follow Us
මෙම වසරේ ජල ගාස්තු වැඩිවීමක් නැහැ

මෙම වසර තුළ ජල ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අපේක්ෂා කරන්නේ නැති බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය වසරේ හඳුන්වා දෙන බව ප්‍රකාශ කළ ජල ගාස්තු සූත්‍රය සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් වී පවතින බවත් නමුත් එම සකස් කරන ලද ජල සූත්‍රය පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජල සූත්‍රය මඟින් ජනතාවට අනවශ්‍ය බරක් පැටවීමට බලාපොරොත්තු නොවන බවයි.