කුරුදුවත්ත ප්‍රදේශයේ පනස්පස් හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකාවකගේ නිරුවත් ඡායාරූප වට්ස්අප් මාර්ගයෙන් විවිධ පුද්ගලයන් වෙත යොමුකරන බව සහ ප්‍රසිද්ධ කරන බවට පවසා රුපියල් ලක්ෂ 25ක මුදලක් බලෙන් ලබාගත් එම නිවසේ සේවය කළ සේවකයකුට එරෙහිව කුරුදුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ ඊයේ (19) නඩු පැවරීය.
මෙම සිද්ධියට අදාළව නිතිපතිවරයාගෙන් ලද උපදෙස් ප්‍රකාරව අධිකරණය හමුවේ නඩුපවරනු ලැබුවේ කුරුදුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතා විසිනි. ඒ අනුව මෙලෙස නඩු පවරනු ලැබුවේ නො. 483/12, කිරිමණ්ඩල මාවත, නාරාහේන්පිට, කොළඹ 05 පදිංචි පල්ලියගේ දොන් අජිත් ප්‍රියන්ත (45) නමැත්තාටය.
තම නිවසේ සේවයට පැමිණී චුදිත සමඟ තමන් ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූ බවත් පසුව ඔහු තමන්ගේ ඡායාරූප රැගෙන මෙලෙස තර්ජනය කර බලෙන් මුදල් ලබාගත් බවත් පැමිණීලිකාරිය සිය පැමිණීල්ලෙන් දක්වා ඇතැයි කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව මෙම සිද්ධියේ උදෘත නිතිපතිවරයා වෙත යොමුකළ බවත් එහිදීනිතිපතිවරයා චුදිතට එරෙහිව නඩු පවරන ලෙසට උපදෙස් ලබා දී ඇති බව්ත කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
නිරුවත් ඡායාරූප වට්ස්අප් මගින් විවධපුද්ගලයන්ට පෙන්වන බවට සහ එම ඡෘයාරෑප ප්‍රසිද්ධ කරන බවට පවසා රුපියල් ලක්ෂ 25ක මුදලක් බලෙන් ලබාගැනීම, සාපරාධී බිය ගැන්වීම සහ ලිංගික හිරිහැර කිරීම යටතේ ලංකා දණඩ නිති සංග්‍රහයේ 373, 486 සහ 345 වගන්ති ප්‍රකාරව චුදිට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩු පවරන බව කුරුදුවත්ත පොලිසියේ අධිකරණ අංශයේ පොලිස්සැරයන් 18680 සමන් රාජපක්ෂ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැදැවූ අවස්ථාවේ දී අධිකරණය විසින් චුදිතට එරෙහි චෝදනා තුනක් කියවා දෙනු ලැබූ අතර, එහි දී තමන් එම චෝදනා සම්බන්ධයෙන් නිවැරදි කරු බව චුදිත සඳහන් කළේය. ඒ අනුව නඩුව ලබන මාර්තු මස 25 වැනිදා තෙක් කල් තැබූ අධිකරණය පැමිණීල්ලේ පළමු දෙවැනි සහ තුන්වැනි සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.
-Dinamina