Tuesday, October 22, 2024
Follow Us
වැඩිහිටියන්ට කැපීම නවතී

වැඩිහිටි දීමනාවෙන් රුපියල් සියයක මුදලක් රජයෙන් කපා ගැනීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කිරීමටද එම මණ්ඩලය තීරණය කර ඇත.

වැඩිහිටි දීමනාව ලෙස මීට ඉහතදී රුපියල් 2,000ක මුදලක් ලබාදුන් අතර, ඉන් රුපියල් 100ක මුදලක් රජය නැවත අයකර ගත්තේය. ඒ අනුව වැඩිහිටි දීමනාව ලෙස වැඩිහිටියන්ට නිකුත් කරනු ලැබුවේ රුපියල් 1,900ක් පමණි.

රජය විසින් වැඩිහිටි දීමනාවර රුපියල් 3,000ක් දක්වා වැඩිකර ඇති අතර එය සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා ගෙවීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව එම මුදල නොකපා අදාළ සම්පූර්ණ මුදලම වැඩිහිටියන්ට ලබාදීමට එම මණ්ඩලය සැලසුම් කර ඇත.

Aruna