Tuesday, October 22, 2024
Follow Us
පැය 7ක් කාර්යාලයේ සිර කරගෙන සිටි බෙල්ලන නිදහස් කර ගනී

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැය 7කට ආසන්න කාල­යක් ඔහුගේ නිල කාර්යා­ලයේ සිර කර තබා­ගැ­නී­මට සුළු සේව­ක­යන් ඊයේ (16) කට­යුතු කළ අතර, පොලි­සිය සහ කැරලි මර්දන ඒක­කය එක් වී මහත් පරි­ශ්‍ර­ම­යක් දරා ඔහු රෝහල් පරි­ශ්‍ර­යෙන් පිට­තට ගෙන යෑමට කට­යුතු කළේය.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් සුළු සේව­ක­යන් ඉලක්ක කර­ගෙන විටින් විට කරන ලද ප්‍රකා­ශ­ව­ලට විරෝ­ධය පළ කර­මින් සුව සේව­කයෝ මෙසේ ඔහු කාර්යාල අඩ­ස්සියේ රඳ­වා­ගෙන රෝහල් භූමියේ කල­හ­කා­රිව හැසි­රු­ණහ. මේ හේතු­වෙන් රෝහල් පරි­ශ්‍රය තුළ දැඩි නොස­න්සු­න්කාරි තත්ත්ව­යක් මතු වූ අතර, තත්ත්වය පාල­නය කිරී­මට කැරලි මර්දන ඒක­ක­යද කැඳ­වී­මට සිදු විය. සුළු සේව­ක­යන් විරෝ­ධය දක්ව­මින් කල­හ­කා­රිව හැසි­රෙන අත­ර­තුර කැරලි මර්දන ඒක­කයේ සහ පොලි­සියේ සහාය ඇතිව බෙල්ලන මහතා සිය කාර්යාල කාම­ර­යෙන් එළි­යට රැගෙන විත් පොලිස් ජීප් රථ­යක නංවා රෝහල් පරි­ශ්‍ර­යෙන් රැගෙන යෑමට පොලි­සිය පිය­වර ගත්තේය.

ඊයේ (16) දහ­වල් 12.00ත් 12.30ත් මේ විරෝ­ධය ආරම්භ කළ අතර, සවස 6.30ට පමණ ඒ මහතා පරි­ශ්‍ර­යෙන් එළි­යට ගැනිණි. රෝහල් සේව­කයෝ විශාල පිරි­සක් රෝහල් භූමි­යට රැස්ව කල­හ­කා­රිව හැසි­රෙ­මින් බෙල්ලන මහතා එම තන­තු­රෙන් ඉවත් කරන ලෙස ඉල්ල­මින් දිගින් දිග­ටම විරෝ­ධ­තාව දැක්වූහ.

වෛද්‍ය­ව­රුන්ට දෙන රු. 35,000ක වැට් දීම­නාව ඉල්ල­මින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් පසු­ගිය 13 දා සිට දින 2ක කාල­යක් වැඩ­ව­ර්ජ­න­යක් ක්‍රියා­ත්මක කළ අතර, ඒ අව­ස්ථා­වේදී මාධ්‍ය­යට අද­හස් පළ කර­මින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සුළු සේව­ක­යන් පහත් කර කතා කළ බවට සේව­කයෝ මෙහිදී චෝදනා කළහ. මේ අතර වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහ­තාගේ නිවෙස අවට ආර­ක්ෂා­වට පොලි­සිය යොදවා ඇති බවද වාර්තා විය.

Dinamina