Tuesday, October 22, 2024
Follow Us
දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා ඇතුගල් පුරවරයට

දීඝවාපිය මහා සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ එහි තැන්පත් කිරීමට නියමිත චූඩා මාණික්‍යය ඓතිහාසික ඇතුගල් පුරවරයේ සිද්ධස්ථාන වෙත වැඩම කිරීමට කටයුතු යොදා තිබේ. 

ඒ අනුව මෙම ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය, 2024 පෙබරවාරි 20 සහ 21 දිනවල රිදීගම, මොණරාගල රජ මහා විහාරයේදීත්, 22 සහ 23 දින වල ඉබ්බාගමුව, වලව්වත්ත සුභද්‍රාරාම විහාරයේදීත්, 24 සහ 25 දින වල කුඹුක්ගැටේ කසාගල රජ මහා විහාරයේදීත්, 26 සහ 27 දින වල හිරිපිටිය ශ්‍රී ගුණරතනාරාම විහාරයේදීත් බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කෙරෙන අතර, ඉන් අනතුරුව 28 වන දින උදෑසන වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන වෙත වැඩම කරවීමට නියමිතය.

දීඝවාපිය මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර සොයාගන්නා ලද, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ එම සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව ලබා දීම මෙහි අරමුණයි.

ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය  දිවයින පුරා වැඩමවීමේ මහඟු පිංකම 2023 අගෝස්තු මස 30 වන පොහොය දින කැලණිය රජ මහා විහාරයෙන් ආරම්භ කළ අතර   මේ වනවිට  රට පුරා බැතිමතුන්ට වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කෙරෙමින් පවතී.

මෙම උතුම් අවස්ථාව සියැසින් දැක වන්දනා කර කුසල් උපදවා ගැනීමටත්, දීඝවාපිය මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට දායකවීමටත් සැදැහැ සිතැති ලක්වාසී ජනතාවට ඉන් අවස්ථාව සැලසෙනු ඇත.