Tuesday, October 22, 2024
Follow Us
මහනුවර රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම කඩිනම් කෙරේ

රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම කඩිනම් කිරීම සදහා මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ. 

ඒ අනුව මධ්‍යම පළාතේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විද්‍යුත් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මාර්ගගත ක්‍රමයට අනුගත කිරීමට අවශ්‍ය යන්ත්‍රෝපකරණ මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 39 ක් වෙත බෙදා දීම ඉකුත් 9දා සිදු කෙරුණි.

මිලියන 5 කට වැඩි මුදලක් වැය කොට ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ මාර්ගගත ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිගණක, ස්කෑනර් යන්ත්‍රල ඡායා පිටපත් යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් මෙහිදී ලබා දුන් අතර, මධ්‍යම පළාත් සභාව මගින් ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කොට ඇත.

මෙම වැඩසටහනට සමගාමීව ඉදිරියේදී පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ආදායම් බලපත්‍ර නිකුත් කරන කවුලු සේවා දායකයන්ට හිතකර පරිදි සම්පූර්ණයෙන් නවීකරණය කිරීමට කටයුතු යොදා ඇති අතරල මේ වන විටත් දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුනක එම ආදර්ශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.