Tuesday, October 22, 2024
Follow Us
ළමා හා කාන්තා හිංසනයන් මැඩපැවැත්වීමේ මෙහෙයුම් අඛණ්ඩව

පොදු ප්‍රවාහන සේවවාන්වලදී ළමයින්ට හා කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන් මැඩපැවැත්වීම සඳහා වූ නියමු ව්‍යාපෘතිය පසුගියදා (07) දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පොදු ප්‍රවාහන සේවා මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන වීදී , බස් නැවතුම්පළ හා දුම්රිය ස්ථානයන් මූලික කර ගෙන ක්‍රියාත්මක කෙරිණි.

මෙම මෙහෙයුම සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවමින් ක්‍රියාත්මක කර ඇති අතර මෙහිදී පොදු ප්‍රවාහන සේවය තුළ දී ලිංගික අතවර සිදු කර ඇති පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මීට අමතරව ගැට කපන්නන් මෙන්ම වෙනත් ස්ථානවලින් ද සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම ව්‍යාපෘතිය ළමුන්ට හා කාන්තාවන්ට සිදුවන හිංසනයන් මැඩපැවැත්වීම සඳහා සෑම සතියකම අවස්ථානුකූලව ක්‍රියාවට නංවනු ලබන අතර පොදු ප්‍රවාහන සේවාවන්ට අමතරව මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන වීදි බස්නැවතුපළ දුම්රිය ස්ථානයන්හිද මෙම මෙහෙයුම් සිදු කිරීමට කටයුතු කරන බව එම මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.