Tuesday, October 22, 2024
Follow Us
පාසල් අවට මත්ද්‍රව්‍ය සංසරණය වැළැක්වීමට "පවුර" සංසද කමිටු

දිවයින පුරා පාසල් 10,221ක් අතරින් පාසල් 4,983ක් අවටින් පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව වැටලීම් සිදු කර තිබේ.

එමිදී හෙරෙයින් ග්‍රෑම් 85ක්, අයිස් ග්‍රෑම් 48, මත්පෙති 1561ක්, ගංජා කිලෝ 1 ග්‍රෑම් 230ක්, මාවා කිලෝ 3 ග්‍රෑම් 650ක්, මදන මෝදක කිලෝ 2 ග්‍රෑම් 345ක්, නීති විරෝධි සිගරට් 1285ක් හා දුම්කුඩු කිලෝ 01 ග්‍රෑම් 585ක් සමඟ පාසල් අවට මත්ද්‍රව්‍ය අ‍ෙවි කළ සැකකරුවන් 517 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි එලෙස මත්ද්‍රව්‍ය සංසරණයක් තිබෙන බවට හඳුනාගත් සෑම පාසලක් ආශ්‍රිතවම අදාළ පාසල් ගුරුවරුන්, ශිෂ්‍ය නායකයින් හා පාසල් අවට ශිෂ්‍ය ප්‍රජාව සහභාගි කරවා ගනිමින් "පවුර" සංසද කමිටු 5,133ක් පිහිටුවා ඇති අතර එම කමිටු සමාජිකයින් විසින් ලබාදුන් වාර්තා අනුව පාසල් 4876ක් ආශ්‍රිතව මත්ද්‍ය සුලබතාවය පිළිබඳ පැවති අවදානම යම් දුරකට පහව ගොස් ඇති බවට තිබේ.

එසේම පාසල් 107ක් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය අවදානම පවතින බවට පවුර සංසද කමිටු මඟින් වාර්තා වී ඇති අතර එම පාසල් අවමට තවදුරටත් මෙහෙයුම් සිදු කරන ලෙසටත්, ළමුන් නොමඟ යැවීමට පොළඹවන ස්ථාන ඇති බවට හඳුනාගෙන ඇති බවට හඳුනාගෙන ඇති පාසල් 434ක් ආත්‍රිතව ඉදිරි කාලය තුළ මෙහෙයුම් සිදු කරන ලෙසටත් අදාළ පාසල් පිහිටි පොලිස් කොට්ඨාස භාර නිලධාරීන්ට පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත.