Tuesday, October 22, 2024
Follow Us
 “අරඹමු ජයගමු” වැඩසටහනක් ලබන 7 ගම්පහදී

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපළ වෙත ‍රැගෙන යෑමේ අරමුණින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ප්‍රචලිත කිරීම හා දැනුවත් කිරීමේ වැඩසටහන ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරීශ්‍රයේදී පෙබරවාරි 7 වනදා පැවැත්වේ.

 “අරඹමු ජයගමු” වැඩසටහනින් දියත් කර ඇති මෙම වැඩසටහන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් සංවිධානය කර ඇත.

ව්‍යාපාර සංවර්ධනය හා අපනයනය සඳහා සහය වන සියලුම රාජ්‍ය  රාජ්‍ය නොවන ආයතන මූල්‍ය ආයතන ඇතුලු ව්‍යාපාර සේවා ආයතන සියල්ල එම දිනයේදී එකට එක්ව  තොරතුරු හා සේවා ලබා දීම සිදු කෙරෙනු ඇත.

එහිදී ව්‍යාපාරයක් ආරම්භ කරගැනීම සඳහා අදහසක් ලබා ගැනීම, ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා තොරතුරු ලබා ගැනීම, පවතින ව්‍යාපාරය සංවර්ධනය කරගැනීම සඳහා සහය ලබා ගැනීම හා අපනයන ව්‍යාපාරයක් ආරම්භ කරගැනීම හෝ සංවර්ධනය කරගැනීමද ව්‍යාපාරය කරගෙන යෑමේදී ඇතිවන ගැටලු සඳහා විසඳුම් හා ඒ අදාල සේවා ලබා ගැනීමටද හැකිවේ.

මෙම වැඩසටහනේදී අපනයන ගැනුම්කරුවන් හමුවක්ද පැවැත්වෙන අතර අපනයනය කිරීමට අදහස් කරන භාණ්ඩවල සාම්පල ‍රැගෙන එන ලෙස ද කර්මාන්තකරුවන් ගෙන් ඉල්ලා සිටී.

තවද එම කාලය තුල අපනයන ක්‍රියාවලිය , සහතිකකරණය , ඩිජිටල් අළෙවිකරනය පිළිබඳ දේශනමාලාවක්ද සංවිධනය කර ඇත.

වැඩසටහන එදින පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා පැවැත්වේ.

මේ පිළිබඳ වැඩිදුර විස්තර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලය් 0332222909 අමතා  ලබා ගත හැකිය.