Tuesday, October 22, 2024
Follow Us
සිරිකරුවන් නිවාස අඩස්සියේ තැබීමට වැඩපිළිවෙළක්

සිවිල් වැරැදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වන සියලු දෙනා නිවාස  අඩස්සියේ තැබීමේ  වැඩපිළිවෙලක් මෙම වසරේදී ක්‍රියාත්මක කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පැවසීය


බන්ධනාගාරයන්හි පවතින තදබදය අවම කිරීමේ  අරමුණෙන්  මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක  කරන  බවද හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් නීති සකස් කිරීමට පත් කෙරුණු කමිටුව දුන් වාර්තා අනුව නීති කෙටුම්පත් අංශය අදාල නීති සකස් කරමින් සිටින බවත්  එම කටයුතු නිමවීමෙන් පසු   පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත්කිරීමට කටයුතු කරන බවත්  ඔහු පෙන්වා දුන්නේය.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමත් සමග ඇප පනත වැනි පනත් කිහිපයක් සංශෝධනය කිරීමට සිදුවනු ඇති බවද අනුරාධ ජයරත්න මහතා  සඳහන් කළේය.