Tuesday, October 22, 2024
Follow Us
තවත් පවුල් ලක්ෂ 3ක් අස්වැසුම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබයි

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ විරෝධතා සහ අභියාචනා 640,000ක් සලකා බැලීමෙන් අනතුරුව ලක්ෂ 3ක පවුල් සංඛ්‍යාවක් අලුතින් අස්වැසුම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි. 

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇති අතර අලුතෙන් තේරී පත් වූ පවුල් වෙත ජූලි මස සිට දෙසැම්බර් මාසය දක්වා වූ වාරික ඉදිරියේ දී බැංකු වෙත මුදා හැරීමට කටයුතු කරනු ඇත.

අභියාචනා සහ විරෝධතා  හේතුවෙන් තේරීපත්ව සිටි අස්වැසුම ප්‍රතිලාභි පවුල් 5,209ක් නුසුදුස්සන් බවට පත්ව ඇති අතර තවත් පවුල් 2,567ක් තමන් ප්‍රතිලාභ ලබමින් සිටි මට්ටමෙන් පහළට ගමන් කර තිබේ. 

පවුල් 50,882ක පිරිසක් සිය ප්‍රතිලාභ මට්ටමේ ඉහළට ගමන් කර ඇත. 

ලක්ෂ 11කට ආසන්න අභියාචනා සහ විරෝධතා ප්‍රමාණයක් ලැබී තිබූ අතර හැකි ඉක්මණින් එවා සලකා බැලීමට ද අවසන් කරණු ඇත.