Tuesday, October 22, 2024
Follow Us
අනවසර ලෙස විදුලි සැපයුම භාවිත කිරීම නිසා රටට අහිමි වී යන වන අලි සම්පත රැක ගනිමු

අප රටේ ජෛව විවිධත්වයේ සංකේතයක් වූ වන අලි සම්පත දිනෙන් දින මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවී යාමේ තර්ජනයකට ලක්ව ඇත. ගණනය කිරීම් වලට අනුව 6000 ක් පමණ වූ ශ්‍රි ලංකාවේ වන අලි ගහනයෙන් 2023 වර්ෂයේ පමණක් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුකොට ගෙන 474 දෙනෙකු මරණයට ලක්වී ඇත. ඒ අතරින් ලංවිම විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම මඟින් අලි ඇතුන් 50 දෙනෙකු පමණ මරණයට පත්වී ඇති බව වාර්තා වී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙම නීති විරෝධි ක්‍රියාව සම්බන්ධයෙන් දැනටමත් සුදුසු විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර අප රටේ වන අලි සම්පත රැක ගැනීමට ජනතා සහායද අපේක්ෂා කරමු. ඒ අනුව විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම් පිළිබඳව පහත අංකය ඔස්සේ වහාම ලංවිම දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.  

ලංවිම ඇමතුම් මධ්‍යස්ථාන අංකය :   1987

අතීතයේ සිටම ආගමික මෙන්ම සංස්කෘතික වශයෙන් වැදගත්කමක් උසුලන, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය සහ ආදරයට ලක් වෙමින් රට තුළ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය සපයන අලි සම්පත විනාශ කිරීමට එරෙහිව ඔබත් අප හා එක්වන්නට ආරාධනා කර සිටිමු.