Tuesday, October 22, 2024
Follow Us
මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන් වැටලීමේ වැඩපිළිවෙළක් 

මත්ද්‍රව්‍ය භාවිත කොට පොදු ප්‍රවාහන සේවාවේ නිරත රියදුරන් අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

එහි පළමු වැඩසටහන කරගම්පිටිය නාවල මාර්ග කේන්ද්‍ර කරගනිමින්   දියත් කළ බව ඊයේ (17) මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

මත්පැන් භාවිත කරන රියදුරන් පරීක්ෂා කිරීමේ තාක්ෂණය ඉක්මවා යමින් මත්ද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් හදුනා ගත හැකි නවීනතම උපකරණ මේ වන විට පොලිසීය සතුව ඇති බවත් සති දෙකක කාලයක් තුළදී මත්ද්‍රව්‍ය භාවිතා කොට ඇති පුද්ගලයින් එයින් අනාවරණය කර ගත හැකි බවත් අලස් මහතා පැවසීය.

පොදු මගී ප්‍රවාහන බස් රථවල රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට ලැබුණු තොරතුරක් මත කරගම්පිටිය මාර්ගයේ බස් රථ පූර්ව දැනුම්දීමකින් තොරව පරීක්ෂා කළ බව කී අමාත්‍යවරයා දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙවැනි වැටලීම් සිදුකරන බවත් පවසයි.

පාතාලය මර්ධනය සඳහා දියත් කළ යුක්තිය මෙහෙයුමට අද වන විට මාසයක් සම්පූර්ණ වී ඇතැයි කී හෙතෙම මේ වන විට පාතාලය හා මත්ද්‍රව්‍ය අපරාධ බෙහෙවින් පහත වැටී ඇතැයි ද වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටී.