Tuesday, October 22, 2024
Follow Us
දුම්රිය එන්ජින් බලන්න ලංකාවෙන් ඉන්දියාවට ගිය ගණන ඇමැති හෙළි කරයි

නොමිලේ දෙන දුම්රිය එන්ජින් බලන්න ලංකාවෙන් ඉන්දියාවට 65ක් ගොස් නැති බව මහාමාර්ග ප්‍රවාහන හා  ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දුම්රිය එන්ජින් ගනුදෙනුව පිළිබව සත්‍ය හෙළිදරව්  කිරීම පිළිබඳව අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

ඉන්දියාව මේ වන විට දුම්රිය විදුලි දුම්රියට මාරුවෙමින් පවතී. ශ්‍රී ලංකාවට මේ වන විට දුම්රිය එන්ජින් හිඟයක් පැවතිය ද දුම්රිය මිලදී ගැනීමට කිසිදු ප්‍රාග්ධන වියදමක් නැති නිසාත් ණය ආධාර ද ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් නොලැබෙන නිසාත් උදව්වක් ලෙස හොදින් ධාවනය වන දුම්රිය ඒන්ජින් කට්ටල 20ක්  ලබා දෙන ලෙස විෂය භාර ඇමතිවරයා ලෙස තමන් ඉන්දියානු මහකොමසාරිස්ගෙන්  ලිඛිතව  ඉල්ලීමක් කළ බව අමාත්‍යවරය‌ා මෙහිදී සඳහන් කළේය

ඒ අනුව දැනට ධාවනය වන දුම්රිය ඒන්ජින් 20කුත් අමතර කොටස්  ලබා ගැනීම සඳහා දුම්රිය තුනකුත් ලබාදීමට ඉන්දියානු රජය එකඟත්වය පළකළ  බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම දුම්රිය 20න් වඩාත් ගැළපෙන දුම්රිය තෝරා ගැනීම සඳහා වගකිව යුතු කණ්ඩායමක් එවන ලෙස දැනුම් දුන් බවත් ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකිව යුතු නිලධාරීන් 05 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවට ගොස් එම පරීක්ෂා කිරීම් කටයුතු සිදු කළ බව  අමාත්‍යවරය‌ා මෙහිදී අවධාරණය කළේය. 

නිදහසින්  පසු ලංකාවේ ප්‍රථම වතාවට ඉන්දියාවෙන් හෝ වෙනත්  රජයකින් එකවර දුම්රිය එන්ජින් 20 ක් ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය බවත් මෙම පුවත නිසා ඉන්දියානු රජය යම් කිසි අපහසුතාවයකට පත් වූවා නම් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කනගාටුව පළ කරන බවත් අමාත්‍යවරයා පැවසීය

ඉන්දායානු ණය යෝජනා ක්‍රමය යට‌තේ විටින්  විට දුම්රිය මැදිරි 160 ක් ලංකාවට ගෙන ආ බවත් එම ණය කොන්දේසි යටතේ මෙම මැදිරි ක්‍රියාකාරීත්වයන් පුහුණු වීම් සඳහා  අදාළ නිලධාරීන් යොමු කිරීම අනිවාර්යෙන් ම කළ යුතු  බවත් අමාත්‍යවරය‌ා මෙහිදී පැහැදිලි කළේය. ඒ අනුව එම 65 දෙනා මෙම කාර්යය සඳහා සහභාගි නොවූ බවත් මෙම පුහුුණු වීම සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළ  විධිමත්ව සිදු කළ  බව ද පැවසීය.