Wednesday, October 23, 2024
Follow Us
දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්ජාතික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම්

දේශගුණික විපර්යාස පිළිබද අන්තර්ජාතික මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ඉදිකරන බව පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ  මහනුවර සම්බන්ධීකරණ කාර්යාලයේදී ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අන්තර්ජාතික විශ්වවිද්‍යාලයක ප්‍රමිතියෙන් යුතු එම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රටවල් කිහිපයක දායකත්වය හිමිවන බව ද  අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

අක්කර 650ක පමණ භූමි භාගයක් ආවරණය වන පරිදි ඉදිවන මෙම මධ්‍යස්ථානය මගින් මෙරට දේශගුණය පිළිබඳ පමණක් නොව කලාපීය වශයෙන් සිදුවන දේශගුණික වෙනස්කම් අධ්‍යයනය කරන බව ද මේවන විට රටවල් කිහිපයක සහභාගීත්වය හා දායකත්වය මෙම විශ්වවිද්‍යාලය සඳහා හිමිවන බව කී  අමාත්‍යවරයා ලෝකයටම බලපාන අයුරින් දේශගුණික වෙනස්කම් අධ්‍යයනය කිරීම මෙම ස්ථානයේදී සිදුකර ගත හැකි බව ද පැවසීය.