Wednesday, October 23, 2024
Follow Us
ඩෙංගු ගැන කියන්න ක්ෂණික ඇමතුම් අංකයක්

ඩෙංගු රෝග වැළැක්වීම සහ පාලනය කිරීමට අදාළ මහජන ඇමතුම් සදහා ක්ෂණික ඇමතුම් අංකයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකය තුළ මෙම දුරකතන සේවාව පිහිටුවා තිබේ.

0117 966 366 දුරකතන අංකයට ඩෙංගු සම්බන්ධ තොරතරු දැනුම් දිය හැකිය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් තමන්ට අවශ්‍ය තොරතුරු දැන ගැනීමටද මෙම අංකය ඇමතීමෙන් හැකියාව උදාවේ.

සතියේ සෑම දිනකම පෙරවරු 08 සිට රාත්‍රි 08 දක්වා දුරකතන සේවාව ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.