Wednesday, October 23, 2024
Follow Us
කාන්තා හා ළමා අපරාධ පැමිණිලි කිරීමට නව දුරකථන අංකයක්

කාන්තාවන්ට හෝ ළමයින්ට සිදු වන අපරාධ පිළිබඳව පැමිණිලි කිරීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි කාන්තාවන් සහ ළමයින් සම්බන්ධව සිදුවන අපරාධ පිළිබඳ දැනුම් දීම සඳහා හඳුන්වා දුන් මෙම ක්ෂණික දුරකථන අංකය සහ වෙබ් අඩවිය එළිදැක්වීම පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේදී අද (04) සිදුවිය.

පැය 24 පුරා ක්‍රියාත්මක වන ක්ෂණික දුරකථන අංක 109 සහ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙබ් අඩවියත් 0112 444 444 දුරකථන අංකයත් ඇතුලත් මහජන පැමිණිලි අංශය අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ යටතේ නිල වශයෙන් එළිදැක්විනි.

මෙම කවුළුව තුලින් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය ළමයින්ට සහ කාන්තාවන්ට එරෙහි අපරාධ සහ ඔවුන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය, ගෘහස්ථ හිංසනය, ළමා අනාරක්ෂිතභාවය, ළමා ශ්‍රමිකත්වය, ළමයින්ට කෲරත්වය යනාදිය විමර්ශනය කිරීම සිදුවේ.

පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සෘජුවම පොලිස් ස්ථාන වෙත යාමට මැලිකමක් දක්වන නව යොවුන් වියේ දරුවන්ට හානියක් නොවන පරිදි මෙම විද්‍යුත් තැපැල් ලිපිනය සහ ක්ෂණික දුරකථන අංක හරහා පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇත.

එවැනි පැමිණිලි සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාගේ අධීක්‍ෂණය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක වන මහජන පැමිණිලි මැදිරිය අදාළ පොලිස් ස්ථාන සහ අනෙකුත් ආයතන සම්බන්ධීකරණයෙන් අවශ්‍ය පියවර ගැනීම කඩිනමින් සිදු කරයි.