Wednesday, October 23, 2024
Follow Us
“දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” රත්නපුර ශ්‍රී සුමන සමන් දේවාලය වෙත වැඩම කරවයි

දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර හමුවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍යය සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානය සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් සිදුකරනු ලබන “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” රත්නපුර ශ්‍රී සුමන සමන් දේවාලය වෙත දෙසැම්බර් මස 24 වෙනි ඉරු දින වැඩම කරවිමට නියමිතය.

මෙම උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය රත්නපුර සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීම සඳහා 24, 25 සහ 26 යන දිනයන්හිදී රත්නපුර ශ්‍රී සුමන සමන් දේවාල පරිශ්‍රයේ තැන්පත් කෙරෙන අතර, පසුව 27 වෙනි දින කුරුවිට විද්‍යාවර්ධනාරාමය වෙත වැඩම කිරීමට කටයුතු සුදානම් කර ඇත.

ඉන් අනතුරුව, දෙසැ 27 සහ 28 දෙදින කුරුවිට විද්‍යාවර්ධනාරාමයෙහිදී ද, දෙසැ 29 සහ 30 දිනයන්හිදී ඇහැලියගොඩ මදරසිංහාරාමයේදී වන්දනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය මහජන වන්දනාව සඳහා ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

තවද, මෙම පරම පුජනිය වස්තුන් සියැසින් දැක වන්දනාකර කුසල් උපදවා ගැනීමටත් දීඝවාපිය මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට සම්මාදම් වීමටත් පින් කැමති ලක්වාසී, ප්‍රදේශවාසී සැම දෙනාටම මෙයින් අවස්ථාව සැලසෙනු ඇත.