Wednesday, October 23, 2024
Follow Us
නිවසේ තියාගෙන මාසයක් ප්‍රතිකාර කල කිරි ඉබ්බා කුඹුක්වැවට

සීසාමින් තිබු ටැක්ටර් රථයක නගුලට පසුගිය සැප්තැම්බර් 06වැනිදා හසුවී තුවාල ලබා සිටි කිරි ඉබ්බෙකුට ප්‍රතිකාර කිරීමට ගලෙන්බිදුණුවැව කොලණිය පඩිකාරමඩුව ලිපිනයේ පදිංචි සුගත් උදය කුමාර නැමැති තරුණ වෙද මහතෙකු කටයුතු කර තිබුණි.

මසකට වැඩි කාලටක් තම නිවසේ කිරි ඉබ්බෙකුට ජිවත්වන්නට අවශ්‍ය පරිසරය සකස් කොට සතාය අවශ්‍ය සියළුම පහසුකම්ද සහිතව සුරක්ෂිතව ප්‍රතිකාර කටයුතු කල අතර පුර්ණ සුවය ලැබු මෙම කිරි ඉබ්බා පසුගියදා (19) කුඹුක්වැව ට නිර්පද්ධිතව මුදහැරිමට කටයුතු කළේය.

සත්ත්වයෙකු තුවාල ලබා වේදනාවෙන් පසුවන මොහොතක මෙලෙස ප්‍රතිකාර කරමින් වැඩි අයුෂ කාලයක් ජිවත්වන කිරි ඉබ්බේකුගේ ජිවිතය බේරාගැනීමට දරන උත්හය රටටම දෙන ආදර්ශයක් බවත් මිනිසාට පමන නොව ඔනැම පන ඇති සත්වයකුගේම ජිවිතය මෙන්ම මිනිසාට මෙන්ම සත්වයාටත් මේ ලොකයේ ජිවත් වන්නට අයිතියක් තිබේ යන්න ලොකයාට වටහා දීම වෙනුවෙන් මෙවන් මහගු ක්‍රීයාවක් කල මෙවැනි මිනිසුන් අගයකල යුතුය නොවන්නෙද ? සුගත් උදය කුමාර නැමැති තරුණ වෙද මහතා සමස්ථ රටෙහිම කොයි කාටත් මෙයින් ආදර්ශයක් සපයයි.

 

-Dinamina