Wednesday, October 23, 2024
Follow Us
කොළඹින් මාතලේට නෑගම් එයි

ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක දේශීය තරුණ හුවමාරු වැඩසටහන යටතේ අන්තර් සංස්කෘතික ආර්ථික සහජීවනය උදෙසා නෑගම් යාමේ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන අද ආරම්භ විය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 25 දෙනෙකු අද මාතලේට පැමිණියහ. ඔවුන් පිළිගැනීමේ වැඩසටහන අද පලාපත්වල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී මාතලේ ප්‍රාදේශීය ලේකම් මාධවී හිඳගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ම ආවරණය වන පරිදි මාතලේ තරුණ තරුණියන් 25 දෙනෙක් ද සහභාගී වේ.

ඒ අනුව මෙම කණ්ඩායම තාවකාලිකව නිවස්නවල රදවා මාතලේ සමාජ, ආර්ථික, දේශපාලන පසුබිම මෙන්ම සංස්කෘතික ලක්ෂණ පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ. ඒ වෙනුවෙන් ඉදිරි දිනවල විශේෂ වැඩසටහන් කීපයක් සංවිධානය කර තිබේ.