Wednesday, October 23, 2024
Follow Us
අනුරාධපුර ගොවියා ආදායම වාර්තාව අලුත් කරයි

අනුරාධපුර පුලියන්කුළමේ බන්දුල ගොවි මහතා අක්කර භාගයකින් රුපියල් කෝටියක ආදායමක් ලබා ගනිමින්  මිරිස් වාර්තාව අලුත් කර තිබේ.

මින් පෙර  මිරිස් වගාවෙන් වැඩිම අස්වැන්නක් හා ආදායමක් ලද ගොවීන් දෙදෙනෙක් තිරප්පනේ හා යාපනයෙන් වාර්තා වූ අතර  ඔවුන් රුපියල් ලක්ෂ 50ක් හා 60ක් වශයෙන් ආදායම් උපයා තිබූ බව අමාත්‍යාංශය පවසයි.

පුලියන්කුළමේ බන්දුල ගොවි මහතා මේ වනවිට රුපියල් මිලියන 10 ඉක්මවූ ආදායමක් ලබා ඇති අතර ඔහුට දැනට මිරිස් සඳහා ඇති වෙළෙද පොළ මිල ගණන් අනුව අඩුම තරමින් රුපියල් මිලියන 13කවත් ආදායමක් ඉපයීමට හැකියාව තිබෙන බවත් ලබන ජනවාරි මස 14 තෙක් ඔහුට තම මිරිස් වගාවේ අස්වනු නෙලීමට හැකියාව පවතින බවත් අමාත්‍යාංශය පවසයි.

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ මිරිස් වගාවේ නව තාක්ෂණය භාවිතා කරමින් බන්දුල  මහතා පුලියන්කුළම ප්‍රදේශයේ අක්කර භාගයක මිරිස් වගාව ආරම්භ කර තිබේ.