Wednesday, October 23, 2024
Follow Us
කහවත්ත කැළඹූ කාන්තා ඝාතනයේ සුල මුල එළියට- දුව සැකපිට අත්අඩංගුවට

කහවත්ත, වැල්ලදුර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් ගෙල කපා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට ඇගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 13 වැනිදා අලුයම තියුණු ආයුධකින් ගෙල කපා ඝාතනය කර තිබූ 71 හැවිරිදි අදාළ කාන්තාවගේ මළ සිරුර ඇයගේ නිවසේ තිබී සොයා ගැනිණි.

එම කාන්තාව සිය දියණිය සමඟ නිවසේ පදිංචි ව සිට ඇති අතර, දියණිය නිවසින් බැහැර ව ගිය අවස්ථාවක ඝාතනය සිදු ව තිබූ බව සඳහන්ය.

කහවත්ත පොලීසිය වෙත ද මව මරාදමා ඇති බවට දුරකතන ඇමතුමක් ලබා දී ඇත්තේ ද මෙම සැකකාරිය විසිනි.අසල්වාසීන් විසින් බිම ඇද වැටී සිටි කාන්තාව රෝහලට ගෙන යාමට සැරසෙන විටත් අදාල මියගොස් සිටි බව ට පොලීසිය වෙත සාක්ෂි ලැබි ඇත.

මියගිය මවගේ දේහයට අඩි කිහිපයක දුරින් සැකකාරිය ගේ අත්ඔරලෝසුව වැටී තිබී හමුවී ඇති බවත් රත්නපුර පොලිස් නිළ සුනඛ කොට්ඨාශය කරන ලද ස්ථානීය පරීක්ෂණවලදී ද පොලිස් නිළ සුනඛයා නිවසින් බැහැරට නොගිය බව පොලීසිය කියයි.

මෙම ඝාතනය ට අදාල ව අනාවරණය වූ කරුණු මත පදනම් ව කිසියම් බාහිර පුද්ගලයකුට මෙය සිදුකළ නොහැකි බව පෙනීයන හෙයින් සැකකාරිය අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා පවසයි.

මෙම සැකකටයුතු ඝාතනය සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර, ඝාතනය සිදු කර ඇත්තේ, එම කාන්තාවගේ දියණිය බවට එහි දී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව 38 හැවිරිදි සැකකාරිය ඊයේ (16) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

-Dinamina