Wednesday, October 23, 2024
Follow Us
සරසවි සිසුන් මානසික ආතතියෙන්

අනාගතය කෙරෙහි විශ්වාසයක් නොමැතිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු පමණ පසුගිය සමයේ සියදිවි හානි කරගෙන ඇති බව මල්වතු අනුනායක පූජ්‍ය ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියෝ පවසති.

ගම්පහ ආයුර්වේද විශ්වවිද්‍යාලයේ කුලපති, මල්වතු අනුනායක පූජ්‍ය ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියෝ පෙන්වා දෙන්නේ අද අධ්‍යාපනය හදාරන දරුවන් පවා විවිධ පීඩනයන්ට ලක්වී සිටින බවය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ නාහිමියෝ මෙසේද පැවසීය,

"පවතින ක්‍රමය මත අනාගතය පිළිබඳ විශ්වාසය නොමැතිව ඒ අය මානසික ආතතියට පත්වෙනවා. මේක ඉතාමත් අභාග්‍යසම්පන්න තත්ත්වයක්. අද රටේ ආර්ථික ගැටලු බොහෝමයි. අපිට පන්සලක්වත් පවත්වාගෙන යන්න බැහැ.. විදුලි බිල ඇතුළු අනෙකුත් ආර්ථික ප්‍රශ්න නිසා. ආගමික උත්සවයක්වත් නිසියාකාරව කරන්න විදියක් නෑ. ජනවාරි මාසයේ සිට මේ ප්‍රශ්න තවත් වැඩි වෙනවා. ජනතාව තව තවත් අසරණ වෙනවා. අද මේ රටේ ජනතාව එක වේලක් උයාගෙන ඒක තමයි උදේට දවල්ට රෑට කන්නේ."

Lankadeepa