Wednesday, October 23, 2024
Follow Us
කුඩ්ඩන්ට වෙන දේ පොලිස් ඇමැති කියයි

මත්කුඩු ජාවාරම හා පාතාලය මේ රටින් තුරන් කිරීම සදහා හෙට (17) අලුයම සිට සතියක් පුරා විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා අද (16)  අම්බලන්ගොඩදී පැවසීය.

පොලීසිය සහයට විශේෂ කාර්ය්‍ය බලකාය හා යුද හමුදාව ද ඊට එක්වන බව මහජන ආරක්ෂක ඇමැතිවරයා පැවැසීය.

මත්කුඩු ජාවාරම හා පාතාලය ලබන වසරේ ජුනි මස 30 වන දින වන විට මේ රටින් තුරන් කර සම්පූර්ණ වෙනසක් ඇති කිරීමේ ස්ථිර අධිෂ්ටානයෙන් කටයුතු කරන බවටද මහජන ආරක්ෂක ඇමැති වරයා මෙහෙදී ප්‍රතීඥා දුන්නේය.

කුඩුකාරයන් බේරා ගැනීමට කොයි ලොක්කා කතා කරත් තමා ඊට ඉඩනොදෙන අතර කාටවත් බලපෑම් කිරීමට කාටවත් ඉඩ නොදෙන බවටද මෙහිදී අවධාරණය කලේය.

මත් ජාවාරම පාතාලය ගමෙන් තුරන් කිරීමට එකතු වන ලෙස ප්‍රජා පොලිස් කමිටු නිලධාරීන්ගේන් ඉල්ලා සිටි ඇමැති වරයා කිසිදු අවිශ්වාසයක් තබා නොගන්නා ලෙසත් මේ වැඩ පිළිවෙළේ සිටින කිසිවකුට කිසි දෙයක් වීමට තමා ඇමැති ධූරයේ සිටින තුරු ඉඩ නොතබන බවද ඇමැති අලස් මහතා මෙහිදී පැවසීය.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරුන්ගේ හා මහා සඟරුවන අන්‍යාගමික පූජකතුමන්ලා ප්‍රජා පොලිස් කමිටු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාල ශ්‍රවනාගාරයේදී ප්‍රථම වැඩසටහන ආරම්භ කරමින් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා එසේ ප්‍රකාශ කලේය.

Lankadeepa