Wednesday, October 23, 2024
Follow Us
දංකොටුව ප්‍රාදේශීය රෝහලේ සේවාවන් වැඩි දියුණු කර විශේෂ සේවාවන් ස්ථාපිත කිරීමට පියවර

දංකොටුව රෝහල තුළ පවත්වාගෙන යන සේවාවන් තවදුරටත්  වැඩි දියුණු කර විශේෂ සේවාවන් ද ස්ථාපිත කර රෝහල සංවර්ධනය කිරීමට  ඉදිරියේ දී කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා පවසයි.  සෞඛ්‍ය ලේකම්වරයා මේ බව සඳහන් කළේ  ඊයේ (10)  දංකොටුව ප්‍රාදේශීය රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක  නිරත වෙමින්. 

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ලබා දී ඇති උපදෙස් පරිදි ප්‍රාදේශීය රෝහල්, ග්‍රාමීය රෝහල් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළට සමගාමීව මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කර තිබේ. 

මෙහිදී සෞඛ්‍ය ලේකම්වරයා විසින් රෝහලට ඖෂධ ලැබීමේ ක්‍රමවේදය, ඖෂධවල හිඟතාවයක්  පවතින්නේ ද යන්න පිළිබදව විශේෂයෙන් සොයා බැලීමක් සිදු කළ අතර රෝගී සත්කාර සේවාවන් සිදු වන ආකාරය, රෝහල තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්වය, රෝහලට ලැබිය යුතු මානව හා භෞතික සම්පත්වල අව්‍යශතාවයන් පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කලේය. 

රෝහල තුළ පවතින යම් යම් ගැටලුවලට ක්ෂණික විසදුම් ලබාදීමට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී පියවර ගත් අතර ඇතැම්  ගැටලුවලට කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන විසදුම් ලබා ගැනීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා එක්විය.