Wednesday, October 23, 2024
Follow Us
 ගාල්ලේ නව ඔක්ෂිජන් නිෂ්පාදන පද්ධතිය සහිත ගොඩනැගිල්ලක්  විවෘත කෙරේ

 

ප්‍රදේශයේ රෝහල් රැසක ඔක්සිජන් අවශ්‍යතාවය සැපයීමේ කටයුතු ද ඇරඹේ.

ගාල්ල උඩුගම මුලික රෝහලේ අළුතින් ඉදිකරන ලද නව ඔක්ෂිජන් නිෂ්පාදන පද්ධතිය සහිත ගොඩනැගිල්ල  (OXYGEN GENERATION PLANT) විවෘත කිරීම ඊයේ (08) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. 

නව ඔක්ෂිජන් නිෂ්පාදන පද්ධතිය සහිත ගොඩනැගිල්ල  විවෘත කිරීමේ අවස්ථාවට යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියොජිත  ක්‍රිස්ටියන් ස්කූග් (Mr Christian Skoog) මහතා සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනඩා තානාපති  Mr Eric Walsh මහතා ද එක්ව සිටියහ. 

මෙම ඔක්ෂිජන් නිෂ්පාදන පද්ධතිය සහිත ගොඩනැගිල්ල  සදහා රුපියල් මිලියන 200 ක මුල්‍ය දායකත්වය කැනඩා රජය මගින් ලබාදී ඇති අතර, එහි සම්බන්ධිකරණ කටයුතු යුනිසෙෆ් (UNICEF) සංවිධානය විසින් සිදු කොට ඇත. මසකට මිලිලීටර් 50,000 ක  නිෂ්පාදන ධාරිතාවයකින් යුක්ත වේ.

ඇඳන් 150 ක කින් යුත් උඩුගම මුලික රෝහලේ මාසික ඔක්සිජන් අවශ්‍යතාවය ලීටර් 10,000 ක් පමණ වන අතර, නිෂ්පාදනය කරන අතිරික්ත ලීටර් 40,000 ක ප්‍රමාණය  ඇලිපිටිය, බලපිටිය, නාගොඩ වැනි අවට පිහිටි දිස්ත්‍රික්, මුලික හා පර්යන්ත රෝහල් රැසකට සැපයිමට කටයුතු කෙරේ. මෙදින සිට එම වැඩපිළිවෙල ද ක්‍රීයාත්මක වේ. 

රෝහල තුල ම ඔක්සිජන් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම හේතුවෙන් පුදගලික අංශය වෙත ඇදී යන විශාල මුදලක් ඉතුරු කර ගැනීමට මෙමගින් හැකි වන  අතර, ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ හිඟයකින් තොරව ඔක්සිජන් සැපයීමට මෙමගින් හැකියාව ලැබේ.  

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ කැනඩා රජයෙන් ලබාදුන් මෙම ප්‍රදානය උඩුගම රෝහලට මෙන්ම දකුණු පළාතට ලැබුනු ඉතා වැදගත් වූ පරිත්‍යාගයක් බවයි. කැනඩා රජය සහ යුනිසෙෆ් සංවිධානය කොවිඩි වසංගතය පැවැති අවස්ථාවේ දී ද මෙරට ඔක්සිජන් අවශ්‍යතාවය ඇතලු රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිමට පරිත්‍යාග රැසක් සිදු කර ඇති බවත් කැනඩා රජයට ඇතුලු සියළු ජනතාවට සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ස්තූතිය පුද කරන බව ද පැවැසිය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් විශෞෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ කොවිඩ් වසංගතය පැවැති අවධියේ ඔක්සිජන්වල ඇති අවශ්‍යතාවය හා වැදගත්කම පිළිබදව අවධානය යොමු වු බවත්,  ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානින් රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා ඔක්සිජන්වල ඇති අවශ්‍යතාවය තහවුරු කළ බව ද පැවැසීය. 

උඩුගම රෝහලට පමණක් ‌නොව ගාල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් රොහල් සදහා ද මෙමගින් සිය ඔක්සිජන් අවශ්‍යතාවයන් සපයා ගනු හැකි වනු ඇති බව ද පැවැසිය. 

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, උඩුගම මුලික රෝහල් වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජී.එච්.එස් ප්‍රනාන්දු, දකුණු පළාත් සෞඛ්‍ය ලේකම් ක්‍රීෂාන්ත ඩබ්. මහේන්ද්‍ර, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ. 

රෝහල තුල ම ඔක්සිජන් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම හේතුවෙන් පුදගලික අංශය වෙත ඇදී යන විශාල මුදලක් ඉතුරු කර ගැනීමට මෙමගින් හැකි වන  අතර, ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ හිඟයකින් තොරව ඔක්සිජන් සැපයීමට මෙමගින් හැකියාව ලැබේ.