Wednesday, October 23, 2024
Follow Us
ගව රැලට නායකයෙක් හිටියත් සිංහලයින්ට නායකත්වය දෙන්න කෙනෙක් නෑ – ඥානසාර හිමි

ලංකාව තවදුරටත් සුදු අධිරාජ්‍යයවාදින් පාලනය කෙළේ නම් මේ රටේ රාජ්‍යය සම්පත් වෙනත් රටවලට අලෙවි නොකරන බව බොදු බල සේනාවේ මහ ලේකම් පුජ්‍යය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් පැවසිය.

ඥාණසාර හිමියන් මේ බව කියා සිටියේ නාවලපිටිය බව්වාගම ශ්‍රි ධර්මරත්න මහ පිරිවෙනේ ඊයේ (01) පස්වරුවේ ධර්ම දේශනාවකට සහභාගි වෙමිණි.

මෙම ධර්ම දේශානාවේදි තවදුරටත් අනුශාසනා කළ ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ ගවරැලකට නායකත්වය දීමට ගවයෙකු සිටියත් මේ රටේ බෞද්ධයන්ට නායතක්වය දීමට කිසිවෙක් නොමැති බවයි.

පක්ෂවලට නායකයින් සිටියත් එම නායකයින් සිදු කරන්නේ රටේ සම්පත් වෙනත් රටවලට අලෙවි කිරිම බවත්, එම නායකයන් නිසා මේ රටේ ආගම දහම සහ සදාචාරය සම්පුර්ණයෙන්ම පිරිහි ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ මෙසේ ද පැවසීය.

“48 ඉදන් අද වෙනකල් අපි ඉස්සරහට නෙවේ ගිහිල්ලා තියෙන්නේ. සුද්දා හිටියානම් හොඳයි.

සුද්දා ඉන්න කාලේ කොළඹ වරායේ දකුණු පර්යන්තය වික්කේ නෑ.

දැන් පර්යන්තේ විකුණුවා සල්ලිත් නෑ සංවර්ධනෙත් නෑ.

හම්බන්තොට වරාය වික්කා. සල්ලිත් නෑ. හදපු දේකුත් නෑ.

සුද්දා හිටියානම් හොඳයි. එදා මේ සම්පත් වික්කේ නෑනෙ.

තරඟකාරී වටපිටාවක් එක්ක මිනිස්සුන්ගේ මනුස්සකම් නැතිවුණා.”

(Lanka Leads)