Wednesday, October 23, 2024
Follow Us
මළ සිරුරු හඳුනාගන්න සියලු දෙනාගෙම ඇගිලි සලකුණු ගන්න යයි

සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළ යුතු බව අධිකරණ වෛද්‍ය නිලධාරීහු පෙන්වා දෙති.

දිවයින පුරා රෝහල් මෘත ශරීරාගාරවලට ලැබෙන නාඳුනන මළ සිරුරු හඳුනාගැනීමට එය පිටිවහලක් වන බව කොළඹ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් ප්‍රකාශ කරයි.

කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට පමණක් වසරකදී නාඳුනන මළ සිරුරු එකසිය පනහක් පමණ ලැබෙන අතර එබැවින් ඒවා හඳුනාගැනීම ගැටලුවක් වී ඇතැයි අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා පවසයි. පශ්චාත් මරණ පරීක්ෂණවලදී හඳුනාගැනීමට නොහැකි වන මළ සිරුරු සඳහා රජයේ වියදමින් අවසන් කටයුතු කරයි.

රිය අනතුරු, පදික වේදිකාවේ මියයාම වැනි හේතු නිසා මෙවැනි නාඳුනන මළ සිරුරු ලැබෙන බවත් එම නිසා සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීම මගින් මෙම ගැටලුව නිරාකරණය කර ගත හැකි බවත් අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ අදහසක් වී තිබේ.

(Aruna)